මන්දපෝෂණය
වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ මෙම මන්දපෝෂණ තත්ත්වයයි. මෙම මන්දපෝෂණය මනින ප්‍රධාන ක්‍රම තුනක් පවතී.
1. බර මැනීම
2. උස මැනීම
3. උසට සරිලන බර
එසේ ම මන්දපෝෂණය ඇති වන විධි කිහිපයක් පවතී.
1. කැලරි ඌණතාවය, ප්‍රෝටීන් ඌණතාවය නිසා ඇති වන මන්දපෝෂණය
2. ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇති වන මන්දපෝෂණය
මන්දපෝෂණය කායික මන්දපෝෂණය සහ මානසික වර්ධනය ලෙස දෙයාකාර වේ. මවකගේ කුස තුළ වර්ධනය වන කාලයේ දී මවගේ පෝෂණය දරුවාගේ කායික වර්ධනයට මෙන් ම මානසික වර්ධනයට ද බලපානු ඇත.
මවගේ පෝෂණය ඉතා අඩු මට්ටමක පවතී නම් කළලයේ කායික සහ මානසික වර්ධනය ඉතා අඩු ය. පුද්ගලයෙකුගේ මානසික වර්ධනයට ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් මෙන් ම ක්ෂුද්‍ර අංශූ සහ මේදය ප්‍රධාන සාධකයන් ලෙස බලපානු ඇත. සාමාන්‍ය දරුවෙකුගේ මොළයේ වර්ධනයට අවශ්‍ය බුද්ධි වර්ධනය පළමු අවුරුදු දෙක තුළ සිදු වේ. එම කාලය තුළ පෝෂණ ඌණතාවයක් ඇති වුවහොත් ඒවා බාහිර සාධකයන් ලෙස නොපෙනිය හැකි ය.
පුද්ගලයෙකුගේ කායික වර්ධනය පිළිබඳ අවධනය යොමු කිරීමේ දී කළල අවස්ථාවේ සිට ළදරු අවධියේ දී දෙන ආහාරයන්හි පෝෂණය ඒ හරහා ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත. විශේෂයෙන් දරුවෙකුගේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන සාධකයන් අවම වීම හේතුවෙන් දරුවගේ උස, බර, උසට සරිලන බර ආදියෙහි විශේෂ වෙනස්කම් දැකිය හැකි ය. විශේෂයෙන් ම දරුවෙකුගේ උස කෙරෙහි පෝෂණ තත්ත්වයන් බලපානු ලබයි.
උදාහරණයක් ලෙස ජපන් ජාතික දරුවන් මිටි ජාතියක් බව අතීතයේ දී හඳුනාගෙන තිබුණු අතර පසුකලෙක ඔවුන්ගේ ආහාර වේලෙහි කරන ලද වෙනසත් සමඟ අද වන විට ජපන් ජාතිකයන් මිටි ජාතියක් ලෙස නොසලකනු ඇත. එයින් පැහැදිලි වනුයේ පෝෂණ තත්ත්වයන් මත දේහ ලක්ෂණ වෙනස්වන බවයි.
රටක් තුළ ආර්ථික තත්ත්වය රටේ ජනතාවගේ පෝෂණය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ඇත. ආර්ථිකය පහළ මට්ටමක පවතින රටක පුද්ගල ආර්ථිකය ද ඉතාමත් පහළ මට්ටමක පවතිනු ඇත.
ආර්ථිකය පහළ බැසීමත් සමඟ රටක ආහාර සුලබ බව නැති වී යනු ඇත. එයට හේතුව නම් ආර්ථිකය කඩා වැටීම තුළ ආහාර ලබා ගැනීමේ හැකියාව අඩු වී තිබීමයි. ප්‍රමාණාත්මක ආහාර ලබා ගැනීම සහ ගුණාත්මක ආහාර ලබා ගැනීම පිළිබඳ ඇති හැකියාව අවම වීම රටක ආර්ථිකය කඩා වැටීම තුළ සිදු විය හැකි ය.
විශේෂයෙන් ගුණාත්මක ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අවම වීම හෝ නැති වී යාම ආහාර සුරක්ෂිතතාවය, ආහාර සුලබ භාවය නැතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. විශේෂයෙන් ආහාර මිල ඉහල යාම නිසා එම ආහාර ලබා ගැනීම සීමා කිරීම හෝ ලබා නොගැනීමට තීරණය කිරීම මේ වන විට ලංකාව තුළ සිදු වේ. පසුගිය සමය තුළ සිදු වූ ආර්ථික උද්ධමනයට සාපේක්ෂව ආහාර මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ ගිය ද පුද්ගලයින්ගේ ආදායමේ ඉහළ යාමක් දැකිය නොහැකි විය. එසේ මිල ඉහළ යාම නිසා මිනිසුන් ගුණාත්මකභාවයට වඩා ප්‍රමාණාත්මක බවින් යුතු ආහාර ගැනීමට යොමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ වලින් ඔප්පු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ආහාර සුලබව ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවත් එය සමනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47ක මුදලක් ලෝකයෙන් අපේක්ෂා කරන බවයි.
මන්දපෝෂණ තත්ත්වය අතින් ලංකාව ලෝකයේ හතරවන ස්ථානයටත් දකුණු ආසියාවේ දෙවන ස්ථානයටත් මේ වන විට පත්ව ඇත. මෙම තත්ත්වය අද හෝ ඊයේ වූ දෙයක් නොවේ. මෙය කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමේ සහ හුවමාරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි. මෙම තත්ත්වය විසඳීම සඳහා අද වනවිටත් කිසිඳු ආණ්ඩුවක් සහය නොදක්වනු ඇත. මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද මන්දපෝෂණය පවතින්නේ ද නැද්ද යන්න මිසක් ආහාර අර්බුදය, ආහාර සුලබතාවය, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සාකච්ඡාවක් වශයෙන් නොවේ.
වර්තමානයේ පවතින කාර්‍යබහුල ජීවන රටාව හේතුවෙන් ජනතාව සාම්ප්‍රධායික ආහාර රටාවලින් ඈත් ව ක්ෂණික, කෙටි ආහාර රටාවකට යොමු වී ඇත. අධික ලෙස සීනි අඩංගු පෝෂණ කොටස් අඩු මෙම ආහාර රටා තුළ ළමා මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතී. ළමා මන්දපෝෂණය අඩු කිරීමට ශ්‍රී ලංකාව කෙතරම් පියවර ගෙන තිබුණ ද ඒවා කෙතරම් ඵලදායී ද යන්න ප්‍රශ්නාර්ථයක් බව ලෝක බැංකුව පවා පෙන්වා දෙන ලදි.
❤️👍
ReplyDelete❤️❤️❤️👍
ReplyDeleteGreat job ❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete🤘✋
ReplyDelete❤👍
ReplyDelete❤👍
ReplyDelete😊🔱
ReplyDelete❤️
ReplyDelete❤️😍
ReplyDelete❤️😍
ReplyDeleteKeep it up!🧚♀️
ReplyDelete❤️
ReplyDelete♥️♥️
ReplyDelete