අධ්‍යාපනය යනු කුමක්ද?
v
vවිද්‍යාඥයාට අනුව අධ්‍යාපනය පිළිබඳව ප්‍රධාන කරුණු හතරක් යටතේ විග්‍රහ කරයි.
v Education - ඉගෙනීමේ ක්‍රියාවලිය.
v Educere - මග පෙන්වීම හෝ එලියට ගැනීම.
v Educare - ඇති දැඩි කිරීම පුහුණු කිරීම, පුහුණු කිරීම.
v Educo - ඉදිරියට යොමු කිරීම සාරය එළියට ගැනීම.
අධ්‍යාපනය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් පළකර ඇත. එම අදහස් අතර සමාජය තුළ සිදුවන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධ්‍යාපනය දෙස විද්‍යාත්මකව දෘෂ්ටිකෝණයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමුකරන ලද දර්ශනිකයා වශයෙන් ඩුවී (Duwey) පෙන්වා දිය හැකිය. නමුත් එම අදහස පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක් දක්නට නැත. ඩුවී ගෙන් පසු සමාජ විද්‍යාත්මක එළඹුමකින් අධ්‍යාපනය දෙස බලා එහි ඇති වැදගත්කම ප්‍රකාශ කළ දාර්ශනිකයා වසශයෙන් එමිල් ඩුර්කයිම් (Emile Durkheim) හා මැක්ස් වෙබර් (Max Weber) පෙන්වා දිය හැකිය. මෙම දෙදෙනා අතරින් අධ්‍යාපනයය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එමිල් ඩුර්කයිම් විසිනි. මුල්කාලීනව අධ්‍යාපනය දෙස දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලා ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති දාර්ශනික මත පහත අයුරින් පෙන්වා දිය හැකිය.
"අධ්‍යාපනය නිඵල දෙක් නොවන, අව්‍යතා හා කාලානුුරූපව නිරතුරුවම වෙනස්වමින් පවතින ක්‍රියාවලියක් බවයි” (එමිල් ඩුරක්හයිම් Emile Kurkheim 1857-1917)
සෑම පුද්ගලයෙකුටම ඔබින පරමාර්දරිශී අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත්, සෑම සමාජයක් තුළම අධ්‍යාපන පද්ධතිය බොහෝ දුරට තීරණය වන්නේ, ඒ ඒ සමාජවල ඇති සමාජ-සංස්කෘතික විවිධතා හා අවශ්‍යතා අනුව බවත් ඔහුගේ විශ්වාසයයි, මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කර ඉහත අයුරින් පෙන්වා දිය හැක.
"අධ්‍යාපනය සමාජ විද්‍යා ශික්ෂාව සැලසුම් වී ඇත්තේ අනාගත ක්‍රියාවන් සඳහා අධ්‍යාපනඥයන් සූදානම් කිරීම් බවයි.” (ෂැනන්කී Zanieki 1882-1958)
මෙම ලේඛකයාට අනුව, සමාජ විද්‍යා පර්යේෂණ මගින් ලබාගන්නා දැනුම අධ්‍යාපන ක්‍රියාදාමය සැලසුම් කිරීම හා එම සැලසුම් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා යොදාගත ගත හැකි ය. ඒ් හේතුව නිසාම එය ව්‍යවහාරික විද්‍යාවක් බවට පත්වෙන බව ෂැනන්කගේ නිගමනයයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන සමාජවිද්‍යඥයාගේ මූලික අරමුණ අධ්‍යාපනය කුමක් ද යන්න අධ්‍යාපනඥයින්ට අවබෝධ කරීමත් සමාජයේ අවශ්‍යතා පිරිමැසෙන පරිදි එය සංවිධානය වී ඇති ආකාරය හැදෑරීමත් බව පෙන්වා දෙයි.
සමාජ ස්ථර ක්‍රමය තවදුරටත් තහවුරු කොට පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනය භාවිතා කරන බව අධ්‍යාපන සමාජ විද්‍යාව තුළ පැහැදිලි වන බව ඔවුන්ගේ අදහස විය. අධ්‍යාපනය විද්‍යාවේ සංවර්ධිත යුගය ආරම්භ වන්නේ 1960 කාල වකවානුවෙන් පසුවය. මෙම කාල වකවානුවෙන් පසුව අධ්‍යාපනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කීපයක් පහත අයුරින් පෙන්වාදිය හැකිය.
“අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගූණ දහමින් යුත් හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි” (කොන්පියුසස් තුමා)
“අධ්‍යාපනය මගින් සාවද්‍ය දේවල් ඉවත් කරමින් සත්‍ය අනාවරණය කොට ගත යුතුය” (සොක්‍රටීස්)
පුද්ගලයාට නිසියාකාරව යමක් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැඛෙන පරිදි අත්දැකීම් තුළින් ඔහු සංවර්ධනය වීම, එසේ කිරීමට නම් පුද්ගලයාට සත්‍ය අනාවරණය කරගෙන සිටිය යුතුයි බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
පෙරදිග චින්තනයයට අනුව “අධ්‍යාපන පරමාර්ත වන්නේ විනය හෙවත් හික්මීමයි.” ඒ බව පහත නිර්වචනයෙන් පෙනීයයි. පෙරදිග චින්තනයට අනුව “අධ්‍යාපන පරමාර්ථය වන්නේ විනය හෙවත් හික්මීමයි. පුද්ගලයා උපතේ සිට මරණය දක්වා ආධ්‍යාත්මික වශයෙන් ද, චර්යාමය වශයෙන් ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වශයෙන් දපුද්ගලයෙකු ලබන පුහුණුව හා හික්මීම අධ්‍යාපනය යන්නේ අර්ථවත් වේ.”
“අධ්‍යාපන ක්‍රියාවලියේ අවසානයක් නැත. මාධ්‍යක් නැත. යන දෙකම එකක් වේ. අධ්‍යාපනය දිගටම වැඩෙන්නකි.”
(law lance Elikadeth)
බෞද්ධ දර්ශනයට අනුව අධ්‍යාපනය යන්න පිළිබ`දව මෙසේ අදහස් පෙන්වා දිය හැකිය. “අධ්‍යාපනය භාවයෙන් භවයට යන අද්දැකීම් මාලාවකි.”
ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගලයෙකු යථා තත්වයට පත්කිරි මේ ක්‍රියාවලියක් බව මෙයින් අදහස් කරයි.
ඉහතින් සඳහන් සමස්ථ නිර්වචන සියල්ලටම පොදු නිර්වචනයක් උපාලි සේදර විසින් ඉදිරිපත් කර ඇත. “අධ්‍යාපනය යනු අපේකෂික දිශාවක් කෙරෙහි ශිෂ්‍ය චර්යාවන් හෙවත් හැසීරිම් වෙනස් කිරීමේ ක්‍රියා පද්ධතියකි.”
මෙලෙස පුද්ගලයා අධ්‍යාපනය ලබාගන්නා ආකාරය 03ක් අධ්‍යාපන විද්‍යාව තුළ දැකිය හැකිය.
v විධිමත් අධ්‍යාපනය
v අවිධිමත් අධ්‍යාපනය
v නොවිධිමත් අධ්‍යාපනය
ඉහත සදහන් අධ්‍යාපන ක්‍රම 03ට අමතරව නව සංකල්පයක් ඉදිරිපත් වී ඇත. එනමුත් ඒ නිවැරදි අර්ථයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර නැත. self-taught qutodidctic තමාට තමාම උගන්වා ගැනීම දල අදහසකි.
මෙකි සියළු නිර්වචනයන් පොදුවේ ගෙන සලකා බලන විට අධ්‍යාපනය යන්න දිය හාකි වඩාත්ම ගැලපෙන පොදු නිර්වචනය මෙසේ ඉදිරිපත් කර හැකිය. “පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා බාහිර අභ්‍යන්තර චර්යාවන් හැඩ ගැස්වීම කෙරෙහි ලබා ගන්නා අද්දැකීම් හා ලැඛෙන්නා වු අත්දැකීම් ලබාගන්නා වු ක්‍රියාවලිය අධ්‍යාපනයයි.” මෙහිදි ප්‍රජානන ආවේචන මනෝචාලක (හිස හදවත අත) යන කෙෂ්ත තුනම සංවර්ධනය වීම අපේකෂා කෙරේයි” යනුවෙන් පෙන්වාදිය හැකිය.
No comments:
Post a Comment