Thursday, June 8, 2023

කුමාරතුංග මුනිදාස



 1887 ජූලි 25 වැනිදා දකුණු පළාතේ මාතර, දික්වැල්ලේ දී කුමාරතුංග මුනිදාස මහතා උපත ලැබීය. පළන්වින්නේගේ මුනිදාස කුමාරතුංග යන උප්පැන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමාරතුඟු මුනිදස් ආදී වශයෙන් වරින්වර වෙනස් විය. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලීපුත්ත තිස්ස විදුහලේ ඉගෙනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද්වි භාෂා අංශයෙන් පුහුණුවක් ලැබීය. 

මෙතුමා ග්‍රන්ථකරණයට පිවිසියේ 1917 දී පළ කළ '' සාමාන්‍ය දැනීම ප්‍රශ්න" නම් කුඩා පොතිනි. පසුව පැරණි පොත් වලට ලියූ විවරණ ග්‍රන්ථ 37ක් ද අලුතින් නිපැයූ පොත් 38ක්ද සංස්කරණයන් 26ක්ද ඉංග්‍රීසි බසින් කළ හේළියෝ සඟරාව ද ඇතුලුව කෘති 102 ක් දායාද කළ හ. 

'' හා හා හරි හාවා, තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී, ගස වතුසුදු - වී පිරිසිදු - පොහොය නැතිදු සිල් ගත් බඳු '' මෙවැනි ළමා ගීත තුළින් ළමයාට සුන්දර ලොවක් බිහි කර දී තිබේ. මෙතෙක් කුමාරතුංග මහතාගේ නිර්මාණ අභිබවා යාමට සමත් ළමා නිර්මාණ බිහි වී නැත. 

එතුමා '' ඉදිරියට යව් හෙළයිනි ඉදිරියටමැ යව්'' ආදී වශයෙන් දේශය පිළිබඳ අභිමානයක් ගෙන දෙන ගීත ලාංකික ගී සාහිත්‍යයට එකතු කර තිබේ. 

1939 දී ඇරඹි '' සුබස'' සඟරාව තුළින් ද කුමාරතුංග මහතා භාෂා පෙරලියකට මඟ හෙළි කළේ ය. එතුලින් සමකාලීන භාෂා ගැටලු විසදීමට මගපෙන්වීමක් ද කළේ ය. 

සාහිත්‍ය විවාද රාශියකට සහභාගී වූ එතුමා '' කුකවි වාදය'' නැමති වාදයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළේ ය. 

සංස්කරණය කොට විවරණ සහිතව පළ කරන්නට යෙදුණු ග්‍රන්ථ සංඛ්‍යාව 25 කට අධිකය. අලුතින් ලියන ලද ගද්‍ය පද්‍ය කෘති සංඛ්‍යාව ද 30කට අධික වේ. ඒවා නම් ශික්ෂාවතාරය, ශික්ෂා මාර්ගය, කුමර ගී, සංස්කෘත ශික්ෂා මාර්ගය, හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, සුර කුමරිය, ශික්ෂා රත්නාකරය, ක්‍රියා විවරණය, ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ද සංග්‍රහය, කවි ශික්ෂාව, අකුරු සැහැල්ල, පිය සමර, කුමාර පද්‍ය සංග්‍රහය, කුමාර ව්‍යාකරණය, කියවන නුවණ, හෙළ මියැසිය යනාදිය යි. 

අභාවයෙන් මතු මුද්‍රණයෙන් පළ වූ ගද්‍ය පද්‍ය නිර්මාණ සහ ලිපි ලේඛන ද රාශියකි. කුමාරතුංගයන්ගේ සියලු පද්‍ය රචනා එක්තැන් කළ කෘතියක වෙළුම් දෙකක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 1970 දී 1992 දී පළ කරන ලදි. එය 'කුමරතුඟු පැදි එකතුව' නම් වේ.

කුමාරතුංග මහතා සිංහල භාෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළේ ය. එතුමන් විසින් අපට දෙන ලද භාෂාමය සාහිත්‍යමය හා ජාතික ආගමික දායාදයන් නිසා අපි තවමත් සිංහලයන් ලෙස සිටින්නෙමු. 

කුමාරතුංග මුනිදාසයන් රෝගාතුරව සිට 1944 මාර්තු 02 වැනි දා පානදුරේ පල්ලිමුල්ලේ දී මිය ගියේ ය.

Wednesday, June 7, 2023

අධ්‍යාපනය යනු කුමක්ද?

අධ්‍යාපනය යනු කුමක්ද? 


අධ්‍යාපනය යනු කුමක් දැයි සොයා බැලීමට ප්‍රථමයෙන් අධ්‍යාපනය යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කර කළ යුතුය. 
Educo යන ලතින්  භාෂාවේ වචනයෙන් බිදී ආ වචනකි.  එය පසුව Education යනුවෙන් සකස් වී ඇත.  Education  යන වචනයේ අදහස සංස්කෘත  ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මෙසේ දක්වයි.

v 
vවිද්‍යාඥයාට අනුව අධ්‍යාපනය පිළිබඳව ප්‍රධාන කරුණු හතරක් යටතේ විග්‍රහ කරයි.

v Education - ඉගෙනීමේ ක්‍රියාවලිය.
v Educere   මග පෙන්වීම හෝ එලියට ගැනීම.
v Educare - ඇති දැඩි කිරීම පුහුණු කිරීමපුහුණු කිරීම.
v Educo - ඉදිරියට යොමු කිරීම සාරය එළියට ගැනීම.

අධ්‍යාපනය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් පළකර ඇත. එම අදහස් අතර සමාජය තුළ සිදුවන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධ්‍යාපනය දෙස විද්‍යාත්මකව දෘෂ්ටිකෝණයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමුකරන ලද දර්ශනිකයා වශයෙන් ඩුවී (Duwey) පෙන්වා දිය හැකිය. නමුත් එම අදහස පිළිබඳ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක් දක්නට නැත. ඩුවී ගෙන් පසු සමාජ විද්‍යාත්මක එළඹුමකින් අධ්‍යාපනය දෙස බලා එහි ඇති වැදගත්කම ප්‍රකාශ කළ දාර්ශනිකයා වසශයෙන් එමිල් ඩුර්කයිම් (Emile Durkheim) හා මැක්ස් වෙබර් (Max Weber) පෙන්වා දිය හැකිය.  මෙම දෙදෙනා අතරින් අධ්‍යාපනයය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එමිල් ඩුර්කයිම් විසිනි. මුල්කාලීනව අධ්‍යාපනය දෙස දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලා ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති දාර්ශනික මත පහත අයුරින් පෙන්වා දිය හැකිය. 

 "අධ්‍යාපනය නිඵල දෙක් නොවනඅව්‍යතා හා කාලානුුරූපව නිරතුරුවම වෙනස්වමින්                 පවතින ක්‍රියාවලියක් බවයි”            (එමිල් ඩුරක්හයිම් Emile Kurkheim 1857-1917)

සෑම පුද්ගලයෙකුටම ඔබින පරමාර්දරිශී අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත්සෑම සමාජයක් තුළම  අධ්‍යාපන පද්ධතිය බොහෝ දුරට තීරණය වන්නේඒ  සමාජවල ඇති සමාජ-සංස්කෘතික විවිධතා හා අවශ්‍යතා අනුව බවත් ඔහුගේ විශ්වාසයයිමේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කර ඉහත අයුරින් පෙන්වා දිය හැක.

          "
අධ්‍යාපනය සමාජ විද්‍යා ශික්ෂාව සැලසුම් වී ඇත්තේ අනාගත ක්‍රියාවන්                                      සඳහා අධ්‍යාපනඥයන් සූදානම් කිරීම් බවයි.”     (ෂැනන්කී Zanieki 1882-1958)
  
මෙම ලේඛකයාට අනුවසමාජ විද්‍යා පර්යේෂණ මගින් ලබාගන්නා දැනුම අධ්‍යාපන ක්‍රියාදාමය සැලසුම් කිරීම හා එම සැලසුම් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා යොදාගත ගත හැකි ය. ඒ හේතුව නිසාම එය ව්‍යවහාරික විද්‍යාවක් බවට පත්වෙන බව ෂැනන්කගේ නිගමනයයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන සමාජවිද්‍යඥයාගේ මූලික අරමුණ අධ්‍යාපනය කුමක් ද යන්න අධ්‍යාපනඥයින්ට අවබෝධ කරීමත් සමාජයේ අවශ්‍යතා පිරිමැසෙන පරිදි එය සංවිධානය වී ඇති ආකාරය හැදෑරීමත් බව පෙන්වා දෙයි.

         සමාජ ස්ථර ක්‍රමය තවදුරටත් තහවුරු කොට පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනය භාවිතා කරන බව අධ්‍යාපන සමාජ විද්‍යාව තුළ පැහැදිලි වන බව ඔවුන්ගේ අදහස විය. අධ්‍යාපනය විද්‍යාවේ සංවර්ධිත යුගය ආරම්භ වන්නේ 1960  කාල වකවානුවෙන් පසුවය. මෙම කාල වකවානුවෙන් පසුව අධ්‍යාපනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කීපයක් පහත අයුරින් පෙන්වාදිය හැකිය.
     
අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගූණ දහමින් යුත් හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි”                                                                                           (කොන්පියුසස් තුමා)
අධ්‍යාපනය මගින් සාවද්‍ය දේවල් ඉවත් කරමින් සත්‍ය අනාවරණය කොට ගත යුතුය”                                                                           (සොක්‍රටීස්)

පුද්ගලයාට නිසියාකාරව යමක් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැඛෙන පරිදි අත්දැකීම් තුළින් ඔහු සංවර්ධනය වීමඑසේ  කිරීමට නම් පුද්ගලයාට සත්‍ය අනාවරණය කරගෙන සිටිය යුතුයි බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.


පෙරදිග චින්තනයයට අනුව අධ්‍යාපන පරමාර්ත වන්නේ විනය හෙවත් හික්මීමයි. ඒ බව පහත නිර්වචනයෙන් පෙනීයයි. පෙරදිග චින්තනයට අනුව අධ්‍යාපන පරමාර්ථය වන්නේ විනය හෙවත් හික්මීමයි. පුද්ගලයා උපතේ සිට මරණය දක්වා ආධ්‍යාත්මික වශයෙන් දචර්යාමය වශයෙන් දප්‍රායෝගික ක්‍රියාකාරකම් වශයෙන් දපුද්ගලයෙකු ලබන පුහුණුව හා හික්මීම අධ්‍යාපනය යන්නේ අර්ථවත් වේ.

අධ්‍යාපන ක්‍රියාවලියේ අවසානයක් නැත. මාධ්‍යක්  නැත. යන දෙකම එකක් වේ. අධ්‍යාපනය දිගටම වැඩෙන්නකි.
(law lance Elikadeth)

බෞද්ධ දර්ශනයට අනුව අධ්‍යාපනය යන්න පිළිබ`දව මෙසේ අදහස් පෙන්වා දිය හැකිය. අධ්‍යාපනය භාවයෙන් භවයට යන අද්දැකීම් මාලාවකි.”

ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගලයෙකු යථා  තත්වයට පත්කිරි මේ ක්‍රියාවලියක් බව මෙයින් අදහස් කරයි.
ඉහතින් සහන් සමස්ථ නිර්වචන සියල්ලටම පොදු නිර්වචනයක් උපාලි සේදර විසින් ඉදිරිපත් කර ඇත. අධ්‍යාපනය යනු අපේක‍ෂික දිශාවක් කෙරෙහි ශිෂ්‍ය චර්යාවන් හෙවත් හැසීරිම් වෙනස් කිරීමේ ක්‍රියා පද්ධතියකි.”
මෙලෙස පුද්ගලයා අධ්‍යාපනය ලබාගන්නා ආකාරය 03ක් අධ්‍යාපන විද්‍යාව තුළ දැකිය හැකිය.
v විධිමත් අධ්‍යාපනය
v අවිධිමත් අධ්‍යාපනය
v නොවිධිමත් අධ්‍යාපනය
ඉහත සදහන් අධ්‍යාපන ක්‍රම 03ට අමතරව නව සංකල්පයක් ඉදිරිපත් වී ඇත. එනමුත් ඒ නිවැරදි අර්ථයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර නැත. self-taught qutodidctic තමාට තමාම උගන්වා ගැනීම දල අදහසකි.
මෙකි සියළු නිර්වචනයන් පොදුවේ ගෙන සලකා බලන විට අධ්‍යාපනය යන්න දිය හාකි වඩාත්ම ගැලපෙන පොදු නිර්වචනය මෙසේ ඉදිරිපත් කර හැකිය. පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා බාහිර අභ්‍යන්තර චර්යාවන් හැඩ ගැස්වීම කෙරෙහි ලබා ගන්නා අද්දැකීම් හා ලැඛෙන්නා වු අත්දැකීම් ලබාගන්නා වු ක්‍රියාවලිය අධ්‍යාපනයයි. මෙහිදි ප්‍රජානන ආවේචන මනෝචාලක (හිස හදවත අත) යන කෙෂ්ත තුනම සංවර්ධනය වීම අපේක‍ෂා කෙරේයි” යනුවෙන් පෙන්වාදිය හැකිය.

කවිය සහ ජන කවිය